බප/මිනු / සාන්ත සයවන පාවුලු පාප් මහා විද්‍යාලීය
පාසල් ගීතය
සය වැනි පාවුලු මහ විදුහල අපෙ
දෙස බස රැස තෙරුවන නංවා
හද බැති ගී මල් නිති ලැබ පූජා
නමස්කාර වේවා///.........
සාම දූත සුදොතුම් පියගේ
නාමෙන් බිහි වුනු සුසුදු මවේ
ඔබගේ දෙනෙතින් ඔබගේ දෙ අතින්
උතුරු මිනිස් ගුණ වැපිරේවා
ජයවේ ! ජයවේ ! ජයවේවා!.........
ධීර වීර ගති ඔප් නංවා
හෙළ විරුවන් ගිය මං පෙන්වා
විදු එලි දල්වා නැණ බල නංවා
ලලිත රසික හදවත් නළවා
සැරදේ ! සැරදේ ! සැරදේවා !.........
ජාතිකාභිමානෙන් මත්වී
සුරු විරු දෙඅතක් හුරුකර දී..........
අපේ හපන්කම් ලොවට දකින්නට
ඔබ සෙවණේ මං පෑදේවා
ජයවේ ! ජයවේ ! ජයවේවා ! .............
ගී පද සහ සංගීත නිර්මාණය
සංගීතවේදී - ලයනල් ලියනවත්ත






